
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය සමඟ මතභේදයට තුඩු දී ඇති දකුණු චීන මුහුදේ පිහිටි දූපත්වල ආරක්ෂක කටයුතු සඳහා යොදා ගත හැකි, අතිනවීන රොබෝ මුර සුනඛයන් තිදෙනෙකු ප්‍රදර්ශනය කිරීමට තායිවානයේ ප්‍රමුඛතම යුද අවි සංවර්ධන ආයතනය පියවර ගෙන තිබේ.
චීනය විසින් අයිතිවාසිකම් කියනු ලබන, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත තායිවානය, චීන තර්ජන හමුවේ සිය සන්නද්ධ බලකායන් නවීකරණය කිරීමට දිගින් දිගටම කටයුතු කරමින් සිටී.
එහිදී තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන අවධානයක් යොමුව ඇත්තේ ඩ්‍රෝන සහ ස්වයංක්‍රීය තාක්ෂණය කෙරෙහි ය.
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී, එරට හමුදාව සතු National Chung-Shan Institute of Science and Technology විසින් මෙම රොබෝ සුනඛයන් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.
මෙම රොබෝවන් නිෂ්පාදනය කර ඇත්තේ අමෙරිකානු හමුදාවට සිව්පා රොබෝවන් සපයන ප්‍රධාන සමාගමක් වන Ghost Robotics ආයතනය විසිනි.
මෙම රොබෝ සුනඛයන්ගේ පිටුපස කොටසෙහි තායිවාන අවි ආයතනය විසින්ම නිපදවන ලද විශේෂිත තාක්ෂණික උපාංග සවි කර ඇති අතර, ඔවුන් විවිධ මාදිලි තුනකින් යුක්ත වේ.
එනම් සතුරු තොරතුරු සෙවීම, සෝදිසි කිරීම් සහ නිරීක්ෂණ කටයුතු සඳහා මෙන්ම සතුරන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා විශේෂිත ගිනිඅවියක් සහිත ලෙසයි.
දකුණු චීන මුහුදේ පවතින උපායමාර්ගික දූපත් ආරක්ෂා කිරීම සඳහා මෙම ස්වයංක්‍රීය තාක්ෂණය ඉදිරියේදී විශාල පිටුවහලක් වනු ඇති බව තායිවාන ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart