
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්ථානය මුහුණ දී ඇති උග්‍ර ඉන්ධන අර්බුදය සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති දැඩි පීඩනය හමුවේ, එරට රජය විසින් විශේෂ අරපිරිමැසුම් පියවර මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සියලුම ව්‍යාපාරික ස්ථාන සතිය පුරාම අනිවාර්යයෙන්ම වසා දැමිය යුතු වේලාවන් නියාමනය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් පකිස්ථානයේ දේශීය ඉන්ධන මිල මාසයක් ඇතුළත සියයට 40 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් දැඩි ඉන්ධන සලාක ක්‍රම ඇතුළු හදිසි පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට එරට රජයට සිදුව ඇත.
නියෝජ්‍ය කොමසාරිස් ඉර්ෆාන් මේමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉස්ලාමාබාද් දිස්ත්‍රික් පරිපාලනය විසින් ‘X’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිල නිවේදනයක් නිකුත් කරමින් මෙම නව සීමාවන් ප්‍රකාශයට පත් කළේය.
“රජයේ අරපිරිමැසුම් වැඩපිළිවෙළ යටතේ සංශෝධනය කරන ලද නව ව්‍යාපාරික වේලාවන් (ජුනි 01 දා) සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර තිබෙනවා. ඒ අනුව සියලුම වෙළෙඳපොළවල්, සාමාන්‍ය වෙළඳසැල් සහ සුපිරි වෙළඳ සංකීර්ණ රාත්‍රී 8.00 වන විට වසා දැමිය යුතු අතර, ආපනශාලා, සිල්ලර බඩු වෙළඳසැල්, බේකරි සහ අනෙකුත් ආහාර අලෙවිසැල් සඳහා රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමට අවසර හිමිවෙනවා.”
මෙම නව රෙගුලාසි පොදු ව්‍යාපාරික ස්ථානවලට පමණක් නොව, පෞද්ගලික පරිශ්‍රයන්හි පැවැත්වෙන උත්සව සඳහාද එකලෙස බලපාන බව බලධාරීහු පවසති.
ඒ අනුව, අගනුවර පිහිටි මංගල ශාලා සහ අනෙකුත් සියලුම උත්සව සංවිධානය කරන ස්ථානද රාත්‍රී 10.00 වන විට අනිවාර්යයෙන්ම වසා දැමිය යුතුය.
කෙසේ වෙතත්, මහජනතාවට සිදුවන අපහසුතා මඟහැරවීම සඳහා ඖෂධසැල්, රෝහල්, ඉන්ධන පිරවුම්හල්, කිරි නිෂ්පාදන අලෙවිසැල්, ක්‍රීඩා සංකීර්ණ මෙන්ම, ජාත්‍යන්තර සේවා සපයන ඇමතුම් මධ්‍යස්ථාන සහ තොරතුරු තාක්ෂණ සමාගම් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් රැසක් මෙම සීමාවන්ගෙන් නිදහස් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart