
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026–2027 තරග වාරය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් 46 දෙනෙකු ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත් (National Player Contracts) සඳහා තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශ කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, මෙම කොන්ත්‍රාත් කාලසීමාව 2026 අප්‍රේල් 1 වැනිදා සිට 2027 මාර්තු 31 වැනිදා දක්වා වලංගු වන බවයි.
ක්‍රීඩකයන්ගේ දක්ෂතා, ස්ථාවරත්වය, ශාරීරික යෝග්‍යතාව, අනාගත හැකියාවන් සහ ජාතික කණ්ඩායම්වල උපායමාර්ගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඔවුන් A1, A2, B1, B2, C1 සහ මධ්‍යම කොන්ත්‍රාත් යන කාණ්ඩ යටතේ වර්ගීකරණය කර තිබේ.
“මෙම කොන්ත්‍රාත්තු ලබාදීමේ අරමුණ වන්නේ තෝරාගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩාවේ ඉහළම මට්ටමින් දක්ෂතා දැක්වීමට අවශ්‍ය සහයෝගය, ව්‍යුහය සහ සම්පත් ලබාදීමයි. එමෙන්ම එමඟින් රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන වර්ධනයට දායකත්වයක් සැපයීමද බලාපොරොත්තු වෙනවා,” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙවර ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත් සඳහා කමිල් මිෂාර, ලසිත් කෘස්පුල්ලේ, විජයකාන්ත් වියස්කාන්ත්, ඉසිත විජේසුන්දර, වනුජ සහන්, දිලුම් සුදීර සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් අලුතින් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
කොන්ත්‍රාත් හිමි වූ සියලුම ක්‍රීඩකයන්ට සිය සුබපැතුම් එක් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පළමුවරට ජාතික කොන්ත්‍රාත්තුලාභීන් බවට පත් වූ ක්‍රීඩකයන් උණුසුම් ලෙස පිළිගන්නා බවද දන්වා සිටියි.
මෙම කොන්ත්‍රාත් පිරිනැමීම හරහා දක්ෂතා අගය කිරීමට, නැඟී එන දක්ෂතා පෝෂණය කිරීමට සහ අන්තර්ජාතික මට්ටමින් ඕනෑම තරග රටාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හැකි ශක්තිමත් ක්‍රීඩක සංචිතයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු අඛණ්ඩ කැපවීම නිරූපණය වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉදිරි අන්තර්ජාතික තරග වාරයේදී රටට ජයග්‍රහණ අත්කර දීම සඳහා ක්‍රීඩකයන් වෘත්තීය මට්ටම, විනය සහ විශිෂ්ටත්වය ඉහළින්ම පවත්වා ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරයි.
කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයන් 46 දෙනා මෙසේය:
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
දිනේෂ් චන්දිමාල්
වනිඳු හසරංග
පැතුම් නිස්සංක
චරිත් අසලංක
කමිඳු මෙන්ඩිස්
දුෂ්මන්ත චමීර
අසිත ප්‍රනාන්දු
දසුන් ශානක
මහීෂ් තීක්ෂණ
ජනිත් ලියනගේ
දුනිත් වෙල්ලාලගේ
නිරෝෂන් දික්වැල්ල
ජෙෆ්රි වැන්ඩසේ
ප්‍රභාත් ජයසූරිය
විශ්ව ප්‍රනාන්දු
මතීෂ පතිරණ
ඩිල්ශාන් මධුශංක
පවන් රත්නායක
එෂාන් මාලිංග
මිලාන් රත්නායක
ළහිරු කුමාර
කසුන් රාජිත
අවිශ්ක ප්‍රනාන්දු
සධීර සමරවික්‍රම
රමේෂ් මෙන්ඩිස්
කමිල් මිෂාර
බිනුර ප්‍රනාන්දු
නුවන් තුෂාර
සොනාල් දිනූෂ
සහන් ආරච්චිගේ
ප්‍රමෝද් මධුෂාන්
ලසිත් කෘස්පුල්ලේ
ළහිරු උදාර
නුවනිඳු ප්‍රනාන්දු
විජයකාන්ත් වියස්කාන්ත්
ඉසිත විජේසුන්දර
නිශාන් මදුෂ්ක
අකිල ධනංජය
චාමික කරුණාරත්න
පසිඳු සූරියබණ්ඩාර
මොහොමඩ් ශිරාස්
වනුජ සහන්
දිලුම් සුධීර
තරිඳු රත්නායක
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart