
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යයේ නීත්‍යානුකූලව පදිංචිව සිටින, වයස අවුරුදු පහ තරම් කුඩා දරුවන්ට පවා ඔවුන්ගේ දෙමාපියන්ට එරට රැඳී සිටීමට අවසර තිබියදීම වහාම රටින් පිටවන ලෙස බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා ඇතැයි වාර්තා වේ.
ප්‍රකට ‘ද ගාඩියන්’ (The Guardian) පුවත්පත වාර්තා කරන්නේ, බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙලෙස දරුවන් වෙතම පෞද්ගලිකව ලිපිනය කර වහාම රටින් පිටවන ලෙස දන්වා යවන ලද ලිපි පහක් තමන් සතුව පවතින බවයි.
හයවැනි ලිපිය ලැබී ඇත්තේ සිය සැමියා සමඟ බ්‍රිතාන්‍යයේ වෙසෙන හයමස් ගැබිණියකට වන අතර, ඇයට සිය සැමියා අතහැර වහාම තමන්ගේ මව් රට බලා යන ලෙස එහි සඳහන් කර ඇතැයි එම වාර්තාවල දැක්වේ.
මෙම අර්බුදයට මුහුණ පා සිටින දරුවන්ගේ මාපියන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇත්තේ ‘රැකවරණ සේවක වීසා’ (Care Worker Visas) යටතේය.
2024 මාර්තු මාසය දක්වා බ්‍රිතාන්‍ය රජය විසින් මෙම රැකවරණ සේවකයන්ට තමන්ගේ සහකරුවන් හෝ දරුවන් (යැපෙන්නන් ලෙස) එරටට රැගෙන ඒමට අවසර ලබා දී තිබිණි.
බ්‍රිතාන්‍යයේ පර්ත් නුවර සේවය කරන ලාංකික රැකවරණ සේවිකාවක වන වරුණි ආරච්චිගේ ‘ද ගාඩියන්’ පුවත්පතට අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ: “අපේ පවුලට මේ වගේ ලිපි ලැබීම ගැන අපි සම්පූර්ණයෙන්ම කම්පනයට පත්වෙලා ඉන්නේ.”
වරුණි සිය සැමියා (ඔහු කර්මාන්තශාලාවක සේවය කරයි) සහ වයස අවුරුදු අටක් සහ පහක් වන සිය දරුවන් දෙදෙනා සමඟ ස්කොට්ලන්තයේ ජීවත් වේ.
මෙම දරුවෝ එරට ප්‍රජාවට හොඳින් මුහු වී ප්‍රාදේශීය පාසල්වල ඉතා දක්ෂ ලෙස අධ්‍යාපනය ලබමින් සිටිති.
ඇය ශ්‍රී ලංකාවෙන් රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් සහ විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි සුදුසුකම් ලබා ඇති අතර, බ්‍රිතාන්‍යයේ ඩන්ඩි (University of Dundee) විශ්වවිද්‍යාලයෙන් තිරසාරභාවය සහ ජල ආරක්ෂණය පිළිබඳ විද්‍යාපති (MSc) උපාධියක්ද ලබා ඇත.
ඇයගේ සැමියා ගණිතය සහ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි.
සැමියා සහ දරුවන් දෙදෙනාම බ්‍රිතාන්‍යයේ රැඳී සිටින්නේ ඇයගේ රැකවරණ සේවක වීසා බලපත්‍රයේ යැපෙන්නන් (Dependents) වශයෙනි.
මෙම පවුල සිය වීසා අයැදුම්පත් සඳහා බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පවුම් දහස් ගණනක් ගෙවා ඇති අතර, ඔවුන් රජයෙන් කිසිදු දීමනාවක් (Benefits) ලබානොගෙන නිසි පරිදි බදු ගෙවමින් ජීවත් වන පිරිසකි.
“අපි 2022 නත්තල් දිනයේ බ්‍රිතාන්‍යයට පැමිණි දා සිට මෙහි නීත්‍යානුකූලව ජීවත් වෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මගේ වීසා කාලය 2031 දක්වා දීර්ඝ කළා. නමුත් මගේ යැපෙන්නන් වන මගේ සැමියාට සහ දරුවන්ට වහාම රටින් පිටවෙන්න කියලා දැන් නියෝග කරලා තියෙනවා,” යැයි වරුණි ආරච්චිගේ දැඩි කනස්සල්ලෙන් ප්‍රකාශ කර ඇත.
බ්‍රිතාන්‍ය රජය මෙම නීති වෙනස් කිරීමට පියවර ගත්තේ, රැකවරණ සේවකයන් ලක්ෂයක් සමඟ තවත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 120,000ක් පමණ මෙරටට පැමිණ ඇති බවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ තක්සේරුවකින් පසුවය.
පසුගිය සති කිහිපය තුළ මෙවැනි සිදුවීම් සහ නඩු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව නීතිඥයන්ද තහවුරු කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු මෙසේ පවසා ඇත.
“මේ රටට දායකත්වයක් සපයන සහ මෙහි යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට කැමති අයව අපි සැමවිටම සාදරයෙන් පිළිගන්නවා. නමුත් අපේ දේශසීමාවල විනය සහ පාලනය අපි නැවත ඇති කළ යුතුයි.”
“පසුගිය සමයේ සිදු වූ පෙර නොවූ විරූ සංක්‍රමණ රැල්ල නිසා ඇති වූ අභියෝගවලට පිළියම් යොදමින්, මේ පරම්පරාවේ විශාලතම නීත්‍යානුකූල සංක්‍රමණ ප්‍රතිසංස්කරණ සඳහා වන සැලසුම් අපි සකස් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය ලැබීම අයිතිවාසිකමක් නෙවෙයි, එය වරප්‍රසාදයක්. නීතිගරුකව වැඩ කරන සහ රටට දායකත්වයක් දෙන අයට පමණක් එය හිමි විය යුතුයි,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart