
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා අත්පන්දු සංගමය, ශ්‍රී ලංකා කැරම් සංගමය සහ ශ්‍රී ලංකා හොකී සංගමය යන ජාතික ක්‍රීඩා සංගම් තුනෙහි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පියවර ගෙන තිබේ. ඊට අදාළ විශේෂ අතිවිශේෂ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇත.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ (සංශෝධිත) 32 සහ 33 වගන්ති ප්‍රකාරව තමන් වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ. මේ පිළිබඳව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදන අංකය 2489/48 වේ.
මෙම තීරණයත් සමඟ, ඉහත සඳහන් කළ ක්‍රීඩා සංගම්වල පාලන කටයුතු, පරිපාලනය සහ අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය කර්තව්‍යයන් අධීක්ෂණය කිරීම සඳහා බලය ලත් නිලධාරියා ලෙස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කර ඇත. මෙම පත්වීම මැයි 19 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
අදාළ ක්‍රීඩා සංගම්වල දැනට පවතින ව්‍යවස්ථා සංශෝධනය කිරීම සහ නව නිලධාරී මණ්ඩල පත් කරගැනීම සඳහා වඩාත් විනිවිදභාවයකින් යුතුව නිලවරණ පැවැත්වීමට පහසුකම් සැලසීම සඳහා මෙම පියවර ගත් බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, සංශෝධිත ව්‍යවස්ථාවන්ට අනුකූලව වාර්ෂික මහා සභා රැස්වීම් පවත්වා, නව නිලධාරී මණ්ඩලයක් තේරී පත්වන තෙක් මෙම ක්‍රීඩා සංගම් තුනෙහි සියලුම කළමනාකරණ සහ පරිපාලන කටයුතු මෙහෙයවීමේ පූර්ණ බලය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරේ. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ අත්සනින් යුත් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය 2026 මැයි 19 වැනිදා නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart