May 22, 2026

ඇෆ්ගනිස්ථානය සඳහා වන සිය මානුෂීය ආධාර අඛණ්ඩව සපයමින්, ඇෆ්ගන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් බී.සී.ජී. ඇතුලු එන්නත් ටොන් 20 ක් ලබා දී ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රකාශ කළේ, “ඇෆ්ගනිස්ථානයේ ළමා ප්‍රතිශක්තිකරණ වැඩසටහන පුළුල් කිරීම සඳහා ඉන්දියාව විසින් එන්නත් සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය වියළි ද්‍රව්‍ය ටොන් 20 ක් කාබුල් වෙත ලබා දී ඇත. තවත් ආධාර තොග ඉදිරියේදී ලැබීමට නියමිතයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ මිත්‍රශීලී ඇෆ්ගන් ජනතාවට සහයෝගය දැක්වීමට ඉන්දියාව කැපවී සිටී.” යනුවෙනි.

මීට පෙර අප්‍රේල් මාසයේදී ද, ක්ෂය රෝගයට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ ළමා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට සහය වීම සඳහා ඉන්දියාව විසින් බී.සී.ජී. එන්නත් සහ ඊට අදාළ වියළි ද්‍රව්‍ය ටොන් 13 ක් ලබා දෙන ලදී.

X හි සටහනක් තබමින් ජයිස්වාල් ප්‍රකාශ කළේ, ක්ෂය රෝගයට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ ළමා ප්‍රතිශක්තිකරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් බී.සී.ජී. එන්නත් සහ ඊට අදාළ වියළි ද්‍රව්‍ය ටොන් 13 ක් ඇෆ්ගනිස්ථාන මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙන ලදී.” යනුවෙනි.

මෑතකදී ඇති වූ ගංවතුර සහ භූමිකම්පා හේතුවෙන් ජනතාව මුහුණ දුන් ගැටලු නිසා, අප්‍රේල් 5 වන දින ඉන්දියාව විසින් ඇෆ්ගනිස්ථානය වෙත මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය තොගයක් යොමු කර තිබිණි.

මෙම දුෂ්කර අවස්ථාවේදී ඇෆ්ගන් ජනතාව සමඟ තම සහයෝගීතාවය පළ කිරීමට සහ මානුෂීය ආධාර දීර්ඝ කිරීමට ඇති කැපවීම පිළිබඳව ඉන්දියාව මෙහිදී අවධාරණය කළේය.