May 22, 2026

බාලවයස්කාර දැරියක දූෂණය කළේ යැයි කියන චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙනවිත් තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හේමරතන හිමියන් අද (22) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට පසුගිය15 වැනිදා නියෝග කර තිබිණි.