May 22, 2026

නිට්ටඹුව-රුවන්වැල්ල මාර්ගයේ ගෝනගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පෙරළී යෑමෙන් ඊයේ(21) පස්වරුවේ මාස තුනක බිළිඳෙකු මිය ගොස් තිබේ.

නිට්ටඹුව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය රියදුරුට පාලනය අහිමි වීමෙන් පෙරළී ගොස් ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් පිටුපස අසුන්ගෙන සිටි ගෝනගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ ඇගේ බිළිඳා බරපතළ තුවාල ලබා ඇත.

දෙදෙනාම අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරන ලද අතර එහිදී බිළිඳා තුවාල හේතුවෙන් මියගොස් තිබේ.

ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ රුවන්වැල්ල පොලිසිය විසින් සිදුකරනු ලැබේ.