May 22, 2026

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කළ බවට පවරා ඇති නඩුවට අදාළවය.

එම නඩුව අද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබිණි.

එහිදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.