May 21, 2026

මැයි 18 සිට මැයි 24 දක්වා සතියට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ඇස්තමේන්තුගත සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පවතින වෙළඳපල මිල ගණන් පිළිබඳ පාරිභෝගිකයන්ට දැනුම් දීම සඳහා මෙම ඇස්තමේන්තුගත මිල පරාසයන් සතිපතා මාධ්‍ය වෙත නිකුත් කරන බව එම අධිකාරිය ප්‍රකාශ කළේය.

තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඇස්තමේන්තුගත සිල්ලර මිල පරාසයන් මෙසේයි

තිරිඟු පිටි – රු. 153.00 සිට රු. 172.00 දක්වා
සුදු සීනි – රු. 195.00 සිට රු. 235.00 දක්වා
පරිප්පු – රු. 225.00 සිට රු. 249.00 දක්වා
අර්තාපල් (ඉන්දියාව) – රු. 160.00 සිට රු. 228.00 දක්වා
අර්තාපල් (පකිස්ථානය) – රු. 160.00 සිට රු. 201.00 දක්වා
ලොකු ළූණු (ඉන්දියාව) – රු. 175.00 සිට රු. 218.00
ලොකු ළූණු (පකිස්ථානය) – රු. 112.00 සිට රු. 160.00 දක්වා
රතු ළූණු (ආනයනික) – රු. 280.00 සිට රු. 320.00 දක්වා
වියළි හාල්මැස්සන් (තායිලන්තය) – රු. 1,100.00 සිට රු. 1,156.00 දක්වා
වියළි හාල්මැස්සන් (වෙනත්) – රු. 1,080.00 සිට රු. 1,309.00 දක්වා
වියළි මිරිස් – රු. 900.00 සිට රු. 1,087.00 දක්වා
සුදු බිත්තර (එකක්) – රු. 30.00 සිට රු. 35.00 දක්වා
දුඹුරු බිත්තර (එකක්) – රු. 32.00 සිට රු. 37.00 දක්වා
දේශීය ටින් මාළු (මැකරල් ග්‍රෑම් 425) – රු. 380.00 සිට රු. 480.00
දේශීය ටින් මාළු (ලිනා ජැක් මැකරල් ග්‍රෑම් 425) – රු. 460.00 සිට රු. 560.00 දක්වා
දේශීය සුදු කැකුළු සහල් – රු. 180.00 සිට රු. 220.00 දක්වා
දේශීය රතු කැකුළු සහල් – රු. 168.00 සිට රු. 220.00 දක්වා
දේශීය සුදු නාඩු සහල් – රු. 190.00 සිට රු. 230.00 දක්වා
බ්‍රොයිලර් කුකුල් මස් (සම සහිත සම්පූර්ණ කුකුල් මස්) – රු. 1,000.00 සිට රු. 1,250.00 දක්වා
සම්පූර්ණයොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 – රු. 990.00 සිට රු. 1,155.00 දක්වා

කෙසේවෙතත් ඊයේ සිට ඇසුරුම් කරන ආනයනික කිරිපිටිවල මිල ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන් නිවේදනය කර තිබිණි.