May 21, 2026

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු‍ මන්ත්‍රී විමල් වීරවංශට හෙට උදෑසන 10 ට තලංගම පොලිස් ස්ථානය වෙත කැඳවීමක් සිදු කර ඇතැයි වාර්තා වේ.

ඒ, බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුලු වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි.

මහනුවර බෝවල ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලක් පිලිබදව විමර්ශන කටයුතුවලට අදාළව හිටපු මන්ත්‍රීවරයාට එලෙස කැඳවීමක් සිදු කර ඇත.

ඊට අදාළ කැඳවීමට අදාළව හිටපු මන්ත්‍රීවරයාට පොලිසිය දැනුම් දී ඇත්තේ නියමිත දිනයේදී පොලිසිය වෙත නොපැමිණියහොත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අයුතු ජන රාශිය, අයුතු ලෙස ඇතුලු වීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ තලංගම පොලිසිය විසින් ඊයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමක් ද සිදු කර තිබේ.