May 21, 2026

මෙම වසරේ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වූ දා සිට එම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 322 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් කොට්ඨාසයේ හැටන්, පොල්පිටිය, ගිනිගත්හේන සහ නල්ලතන්නිය පොලිස් ස්ථාන මගින් සිදු කරන ලද වැටලීම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මෙහිදී වැටලීම් 336ක් සිදු කර ඇති අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් මිලියන 2කට අධික දඩ මුදල් නියම කර ඇත.

හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය, ගංජා, හෂිෂ්, කුෂ්, මාවා, මත් කරවන රසකැවිලි සහ මත් පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය රැසක් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.