May 21, 2026

ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මඩකලපුවේදී අනාවරණය කළේය.

අදියර තුනකින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරිම් සිදුකර තිබෙන බව කී ජනාධිපතිවරයා තව විශාල ලෙස විසදිය යුතු ප්‍රශ්න තිබෙන බවද සඳහන් කළේය.

“අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, දිසාපතිවරයාගේ සිට පහළට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවමින් අදාළ බඳවා ගැනීම් සිදු කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව වෙබර් ක්‍රිඩාංගණයේ ඊයේ (20) පැවැති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘රටම එකට’ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.