
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභිරහස් අන්දමින් මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ කොළඹ බාන්ස් පෙදෙසේ නිවසේ සී.සී.ටී.වී යන්ත්‍ර මෙන්ම ඔහු මියගොස් සිටි නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත්‍ර වලද පටිගත වන දර්ශන ගබඩා වීමක් සිදුනොවන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට දැනුම්දුන්නේය.
කෙසේ වුවත් කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසට හෝ ඔහුගේ මස්සිනා වන අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට මැයි මස 05 වැනිදාත් 07 වැනිදාත් අතර කාලය තුළ පිටස්තර පුද්ගලයන් ඇතුල්වූ බවට කිසිදු සාක්කියක් නොමැති බවද කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් දැනුම්දුන්නේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට යානා එකොළහකින් සමන්විත ගුවන් බලඇනියක් මිලදී ගැනීමේදී ඇමරිකන් ඩොලර් මිලියන ගණනක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව රිමාන්ඩ් භාරයට පත්ව සිට ඇප මත මුදාහැරීමෙන් අනතුරුව යළිත් වරෙන්තු නිකුත් වී සිටියදී අභිරහස් අන්දමින් ගෙල වැළලාගෙන මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව දැනුම්දුන්නේය.
කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සැකකටයුතු අන්දමින් මියගොස් සිටි බව කියන සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය කැඳවු අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් සමඟ පෙනී සිටි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අරුණ ක්‍රිෂාන්ත කරුණු දක්වමින් බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තමන්ට භාර වු බව දැනුම්දුන්නේය.
ඒ අනුව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
මියගිය කපිල චන්ද්‍රසේන පදිංචි වී සිටි කොළඹ බාන්ස් පෙදෙසේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත්‍රවල මෙන්ම ඔහු ගෙලවෙළ දාගෙන මියගිය ඔහුගේ මස්සිනා වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත්‍ර වලද රූප රාමු පටිගත නොවන බව විමර්ශන වලදී හෙළි වූ බව දැනුම් දුන් පොලිස් පරීක්ෂක ජයන්ත ලාල්, කපිල චන්ද්‍රසේනගේ මෙන්ම අරවින්ද ද සිල්වාගේ අසල්වැසි නිවෙස් වලින් ලබාගත් සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කර බැලීමේදී අදාළ නිවෙස් වලට පිටස්තරින් කිසිදු පුද්ගලයකු ඇතුල්වී නොමැති බව අනාවරණය වන්නේ යැයිද දැනුම්දුන්නේය.
මේ අවස්ථාවේදී පොලිසිය ඇමතු මහේස්ත්‍රාත් පසන් අමරසේන – මරණකරු මියගොස් සිටි නිවසේ සවිකර තිබු සී.සී.ටී.වී දර්ශන පටිගත වෙලා තියෙනවාද?
පොලිසිය – දර්ශන පටිගත වෙලා නැහැ
මහේස්ත්‍රාත් පසන් අමරසේන – මෙම සී.සී.ටී.වී කැමරා සවිකර ඇත්තේ කවුද?
පොලිසිය- සී.සී.ටී.වී කැමරා සවිකළ ‘ෆෙඩ්නන්’ නමැති ආයකනයේ ඉංජිනේරුවරයකුගේ සාක්කි මෙහෙයවීමට බලාපොරොත්තු වෙනවා.
කපිල චන්ද්‍රසේන මියගොස් සිටි කාමරයේ ඇඳ මත බෙහෙත් කවර දෙකක තිබී නම් සඳහන් නොකළ ඖෂධ වර්ග දෙකක් සොයා ගත් බවත් එලෙස සොයාගත් එක් බෙහෙත් කවරයක පෙති 11ක්ද අනෙක් බෙහෙත් කවරයේ බෙහෙත් පෙති 09ක්ද තිබු බවත් දැනුම් දුන් පොලිසිය එම ඖෂධ කුමන වර්ගයක ඒවාද? යන් හෙළි කර ගැනීම සඳහා රජයේ රස පරික්‍ෂවරයාට යැවීමට අපේක්‍ෂා කරන්නේ යැයිද දැනුම් දුන්නේය.
කපිල චන්ද්‍රසේන මියගොස් සිටි අරවින්ද ද සිල්වාගේ නිවස ආසන්නයේ ඇති නිවෙස් වලින් ලබාගත් සී.සී.ටී.වී කැමරා දර්ශන පටිගත වන ඩී.වී.ආර්. යන්ත්‍ර දෙක රජයේ රසපරික්‍ෂවරයාට යැවීමට අපේක්‍ෂා කරන්නේ යැයි කී පොලිසිය ඒ අවසර ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත් පසන් අමරසේන- මරණකරුට ඇප තැබු පුද්ගලයන් දෙදෙනාගේ සාක්කි කැඳවන්නේ නැද්ද?
පොලිසිය – ඔවුන් දෙදෙනා සම්බන්ධ කරගැනීමට නොහැකි වු නිසා ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ ගැනීමට මෙතෙක් නොහැකි වුණා
ඔවුන් දෙදෙනාගේ සාක්කි මෙහෙයවීමට බලාපොරොත්තු වෙනවා
මහේස්ත්‍රාත් පසන් අමරසේන – මේ සිද්ධියේ ප්‍රධානම සාක්කිකරුවන් දෙදෙනෙකුගේ සාක්කි මෙතෙක් සටහන් කර ගත්තේ නැත්තේ ඇයි?
පොලිසිය – ඔවුන් දෙදෙනා හිටියේ රිමාන්ඩ් බාරයේ නිසයි ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වුණේ.
මහේස්ත්‍රාත් පසන් අමරසේන – එහෙනම් තවත් ලෙහෙසියි නේද? බන්ධනාගාරයේදී ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීම සඳහා මගෙන් නියෝගයක් නොගත්තේ ඇයි?
පොලිසිය- බන්ධනාගාරයේදී ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීම සඳහා නියෝගයක් ගැනීමට අපේක්‍ෂා කරනවා.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය හෙට වැනිදා අධිකරණයට දැනුම් දීමට නියම කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart