
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුළු සාර්ක් රටවල් සඳහා විශේෂ වීසා කාණ්ඩයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සාකච්ඡා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක්කර ඇත.
සාර්ක් රටවල් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීම සහ ඉන්දියාව, බංගලිදේශය, මාලදිවයින වැනි සාර්ක් රටවල් සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා විශේෂ වීසා කාණ්ඩයක් සකස් කිරීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී පෙන්වාදී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම රටවල් සඳහා සළකා බලන අයුරින් වීසා ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුව යෝජනා කරන බවද ඔහු පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති විවිධ වැඩසටහන් සඳහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස කමිටුව විදේශ කටයුතු අමාත්‍යාංශයට යෝජනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart