
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් කල්පිටිය තලවිල වෙරළ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා(17) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික හමුදා භාරයටගෙන තිබේ.
වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය තලවිල වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර තිබිණි.
එහිදී සැකකටයුතු උර විසිඅටක් (28) පරික්‍ෂාවට ලක් කෙරිණි.
එම උර තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය අනුහයක (496) පමණ තොගයක්, විදේශීය දුම්වැටි පැකට්ටු හයදාහක් (6000), රූපලාවන්‍ය ආලේපන සහිත ඇසුරුම් එක්දහස් නවසිය පනස් අටක් (1958), කෘමිනාශක දියර සහිත බෝතල් එක්දහස් එකසිය හතලිස් හයක් (1146) සහ පැකට්ටු පහලොස් දහස් එකසිය අසූවක් (15180) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
නාවික හමුදා භාරයට ගත් භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා දිවයින වටා ඇති මුහුදු තීරය ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart