May 18, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමේදී රජයට සිදු වූ රුපියල් බිලියන 15.9 ක අලාභය අයකර ගැනීමට නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජුනි 27 වන දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම අද (18) ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

ඉදිරිපත් කිරීම් සලකා බැලීමෙන් පසු, පෙත්සම ජුනි 27 වැනි දින විභාගයට ගන්නා බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළහ.