May 18, 2026

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක රැස්වීමකට සහභාගී වීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින් පිටත්ව ගියාය.

ගුවන් තොටුපොළ වාර්තාවන්ට අනුව, අග්‍රාමාත්‍යවරිය සමඟ දෙදෙනකුගෙන් යුත් දූත පිරිසක් ද සංචාරය සඳහා පිටත්ව ගොස් ඇත.

අග්‍රාමාත්‍යවරිය පස්වරු 1.20 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 403 දරන ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව තිබේ.

නිල සංචාරය අවසන් කිරීමෙන් පසු දූත පිරිස 2026 මැයි 23 වැනි දින නැවත දිවයිනට පැමිණීමට නියමිතය.