
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 මැයි 12 වැනිදා නවදිල්ලි නුවර පැවැත්වුණු “CII” වාර්ෂික සමුළුවේදී ඉන්දියාවේ ප්‍රමුඛතම බිලියනපති බැංකුකරුවෙකු වන උදය කෝටක් විසින් කරන ලද ප්‍රකාශයක්, මේ වන විට මුළු ලෝකයම කම්පනයට පත් කර තිබේ. ඔහු අවධාරණය කරන්නේ, අපට හිතාගන්නවත් බැරි තරම් විශාල රුදුරු ආර්ථික කම්පනයක් නුදුරේදී එන බවයි. මැදපෙරදිග, විශේෂයෙන් ඉරාන යුද වාතාවරණය හමුවේ, ලෝක බලශක්ති වෙළඳපොළ අස්ථාවර වීම මීට ප්‍රධාන හේතුවයි.
ලොව තෙල් ආනයනය කරන තෙවැනි විශාලතම රට වන ඉන්දියාවට දැනෙන මෙම “රීප්පය” ලංකාව වැනි කුඩා ආර්ථිකයකට දැනෙනු ඇත්තේ “මහා පරාලයක්” හිස මතට ඒමක් ලෙසිනි!
ඓතිහාසිකව බලන කල, 1973 ඇති වූ “Oil Shock” එක මුළු ලෝක ආර්ථිකයේම නීති රීති අලුතින් ලිවීය. ඉන් වසර 50 කට පසු අද අප සිටින්නේත්, එවැනිම තීරණාත්මක මංසන්ධියකයි. ඉරාන යුද්ධය හෙට උදේ නතර වුවහොත් මිස මෙම ආර්ථික සුනාමියෙන් බේරීම අසීරු බව හේ දැඩිව අවධාරණය කරයි.
මෙම තත්ත්වය හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය රටවැසියන්ට ලබාදුන්නේ සුවිශේෂී පණිවිඩයකි. ඔහු ඉල්ලා සිටියේ අවම වශයෙන් වසරක කාලයකටවත්, විදේශ සංචාර සහ රත්තරන් මිලදී ගැනීම් සීමා කරන ලෙසයි. රටක් ලෙස තමන්ට දරන්න බැරි වියදම් දරමින් ජීවත් වීම නතර කළ යුතු බවට වූ උදය කෝටක්ගේ මතය, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීය.
ඔහු සිය ආරක්ෂක රථ පෙළ 50%කින් අඩු කර, ඇමතිවරුන්ට ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චියටත්, රාජ්‍ය නිලධාරීන්ට විදේශ සංචාර වෙනුවට ඔන්ලයින් රැස්වීම් වලටත් හුරුවන ලෙස නියෝග කළේ රටේ විදේශ සංචිත රැකගැනීමේ අරමුණෙනි.
මෙම බියකරු යථාර්ථය සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී අපට වඩාත් පැහැදිලි වේ. ඉන්දියාවේ තෙල් ආනයන වියදම ඩොලර් බිලියන 137 සිට 174 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඔවුන්ගේ විදේශ විනිමය සංචිත එක සතියකින් (මැයි මුල් සතියේ පමණක්) ඩොලර් බිලියන 7කින් පහත වැටී තිබේ.
අපේ මුළු විදේශ සංචිතයටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට මෙසේ එක් සතියකදී අහිමි වී යාමෙන්ම, එන කුණාටුවේ ප්‍රමාණය අපට සිතාගත හැකිය. ඉන්දියාව සතුව දින 60 කට සෑහෙන, “Strategic Petroleum Reserves” පවතින නමුත් යුද්ධය දිග්ගැස්සුණහොත් මෙම ආරක්ෂිත සංචිත, ඉතා ඉක්මනින් වැයවී යා හැකි බවට උදය කෝටක් අනතුරු අඟවයි.
ඒ නිසාම අග්‍රාමාත්‍ය මෝදි තමන්ගේ ආරක්ෂක රථ පෙළ පවා අඩු කර පෙන්වන්නේ විශාල පණිවිඩයකි. ඒ “පටි තද කරගත යුත්තේ, සාමාන්‍ය මිනිසුන් පමණක් නොව පාලකයන් ද සමගින්” යන්නයි. නායකයෙකු එසේ පරිභෝජනය සීමා කරන විට, එය මුළු රටටම මනෝවිද්‍යාත්මක පණිවිඩයක් ලබා දෙයි.
“ඉතිහාසය” යනු වක්‍රයකි. උදය කෝටක්ගේ “ලොකු ෂොක් එකක් එනවා” යැයි කළ අනතුරු ඇඟවීම එසැණින් මට මතක් කර දුන්නේ, ග්‍රීක සාහිත්‍යයේ එන කැසැන්ඩ්‍රාගේ ශාපලත් අනාවැකියයි. “ට්‍රෝයි පුරවරය” විනාශ වීමට පෙර, කැසැන්ඩ්‍රා ඒ ගැන කෑගසා කීවාය.
නමුත් කිසිවෙක් ඇයව විශ්වාස කළේ නැත. ඔව්, කිසිවෙකුම ඇයව විශ්වාස කළේ නැත. අද උදය කෝටක් කියන්නේත් එවැනිම අනාවැකියකි.”එය එනවා, එය ඉතා විශාලයි. මිනිස්සුන්ට තවම එහි රුදුරු බව දැනී නැහැ..”
විලියම් ෂේක්ස්පියර්ගේ “ලියර් රජු” නාට්‍යයේ එක් තැනක, රජු සියල්ල අහිමි කරගෙන මහා කුණාටුවකට මැදි වූ විට මෙසේ පවසයි. “වියදම ගැන තර්ක නොකරන්න. මනුෂ්‍යයෙකුට ජීවත් වීමට අවශ්‍ය අවම දෙයට වඩා වැඩි යමක් තිබීම, සොබාදහම ඉක්මවා යෑමකි!”
අද නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා සිය ආරක්ෂක රථ පෙළ සියයට 50% කින් අඩු කරමින් පෙන්වන්නේ, මේ අවම අවශ්‍යතාවයට හැඩගැසීමේ කලාවයි. ලියර් රජුට පමා වී වැටහුණු සත්‍යය, කලාපීය බලවතා වන මෝදි කලින්ම වටහාගෙන ඇත.
අර්නස්ට් හෙමිංවේගේ “මහල්ලා සහ මුහුද” කෘතියේ සන්තියාගෝ මහල්ලා තමාටම මෙසේ කියා ගනී. “දැන් තියෙන දේවල් ගැන හිතන්න එපා. ඔයාට නැති දේවල් ගැන හිතන්නත් එපා. තියෙන දේකින් මොනවද කරන්න පුළුවන් කියලා හිතන්න.” උදය කෝටක් කියන්නේ ද මෙයයි. මේ ගැන ඔබට තවමත් විශ්වාස නැත්නම්, කරුණාකර මේ කොටසත් කියවන්න.
“උදය කෝටක් යනු ඉන්දියාවේ සිටින අතිශය කීර්තිමත් සහ ප්‍රමුඛතම බිලියනපති බැංකුකරුවෙකි. ඔහු ඉන්දියාවේ තෙවැනි විශාලතම පෞද්ගලික බැංකුව වන, කෝටක් මහින්ද්‍රා බැංකුවේ නිර්මාතෘවරයා වන අතර, වසර 38 කට අධික කාලයක් එහි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය. ඔහු ඉන්දියානු මූල්‍ය ක්ෂේත්රය උඩුයටිකුරු කළ, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ඉතා නිවැරදි අනාවැකි සහ විශ්ලේෂණ සපයන ප්‍රඥාවන්ත ව්‍යාපාරිකයෙකු ලෙස මුළු ලෝකයම පිළිගනී. ඔහු මෙම ආන්දෝලනාත්මක අනතුරු ඇඟවීම සිදු කළේ, 2026 මැයි 12 වනදා (ගිය අගහරුවාදා) නවදිල්ලි නුවර පැවැත්වුණු “CII” වාර්ෂික සමුළුවේදීය. ලෝක නායකයින්, රජයේ ඉහළ නිලධාරීන් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් රැසක් සහභාගී වූ මෙම ඉහළ පෙළේ ආර්ථික සමුළුවේදී, ඔහු මැදපෙරදිග පවතින අස්ථාවරත්වයත් සමඟ ඉදිරියේදී පැමිණිය හැකි, දැවැන්ත ආර්ථික කම්පනය ගැන ලෝකයටම අනතුරු ඇඟවීය. අමතර කරුණක්! උදය කොටක් සතු පෞද්ගලික ශුද්ධ වත්කම් ප්‍රමාණය (Net Worth) ඇමරිකානු ඩොලර් බිලියන 12.8 ක් පමණ වන අතර, ඔහු ලෝකයේ සිටින ධනවත්ම බැංකුකරුවන් අතරින් කෙනෙකි.”
දැන් ලෝක වෙළඳපොළේ සිදුවන මෙම දැවැන්ත විපර්යාසය අපේ දොරකඩටම පැමිණ ඇත. මේ එන “කුණාටුව” දැන් සාහිත්‍යයක්, උපකල්පනයක් හෝ නොව යථාර්ථයකි. උදය කෝටක් කැසැන්ඩ්‍රා මෙන් කෑගසා පවසන, මේ අනතුරට අප සූදානම්ද? නැතිනම්, අපිත් ට්‍රෝයි වැසියන් මෙන් විනාශය පැමිණෙන තුරු මංගල්‍ය පවත්වමින් සිටිමුද?
© සාගර දියගම Sagara Diyagama
diyagama@outlook.com
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart