May 18, 2026

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ ඇති මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක දින කිහිපයක් රැඳීසිටින විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සම්බන්ධ තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමු වී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයට අනුව, සිසුන්ගේ ඉල්ලීම්වලට සම්බන්ධ අදාළ පාර්ශ්වයන් සහ නියෝජිතයන් සම්බන්ධ කර ගනිමින් සාකච්ඡාවක් අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සාකච්ඡාවලින් පසු මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නා බව එම නිවේදනයේ සඳහන් වේ.