May 18, 2026

වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය සිව්දෙනකු අතරින් තිදෙනකු දියේ ගිලී මියගොස් තිබෙන බව තෙල්දෙණිය පොලිසිය පවසයි.

තෙල්දෙණිය බඹරගල විහාරස්ථානය ආසන්න ස්ථානයකින් මෙම පිරිස පෙරේදා (17) පස්වරු 2.30ට පමණ ජලාශයට බැස තිබෙන අතර, දියේ ගසාගෙන ගිය සිව්දෙනා අතරින් 14 වැනි වියේ පසුවූ පාසැල් සිසුවෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව ඇත.

එම සිසුවා ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒ්කකය ඇතුළත් කර තිබේ.

දියේ ගිලී මියගිය තරුණයන් තිදෙනා අලදෙණිය වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18-21 වයස්වල පසුවන්නන් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මොවුන් වික්ටෝරියා ජලාශයේ දිය නෑම සඳහා යතුරුපැදි දෙකකින් ගොස් තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

මුලින් මළසිරුරු දෙකක් හමුවූ බවත්, අනෙක් මළසිරුර සොයාගැනීමට කිමිදුම්කරුවන්ට පැය දෙකක පමණ කාලයක් ගතවූ බවත් පොලිසිය පවසයි.