
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එමගින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ, ආණ්ඩුකාරවරයා ලෙස තම වගකීම්, විදේශ සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස තම භූමිකාව සහ තම පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී එල්ල වන දිනෙන් දින වැඩිවන අභියෝග සැලකිල්ලට ගනිමින් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
“රාජ්‍ය ධුරයක සේවය කිරීමට ලැබීම සහ අපේ රටේ ප්‍රගතිය වෙනුවෙන් මා හට හැකි උපරිම අයුරින් දායක වීමට ලැබීම භාග්‍යයක්,” යැයි ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පැහැදිලි කර සිටියේ, පරිපාලන කටයුතු සුමට හා විධිමත් සංක්‍රාන්ති කාලසීමාවක් සහතික කිරීම සඳහා, සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි තමන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart