May 17, 2026

මහසෝන් බලකායේ හිටපු නායක අමිත් වීරසිංහ අද මහනුවර ප්‍රදේශයේදී තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ තෙල්දෙණිය පොලිසියට ලද පැමිණිලි දෙකකට අදාළව විමර්ශණ සිදුකිරිමෙන් කිරීමෙන් අනතුරුවයි.

කබානා ව්‍යාපෘතියකට බව කියමින් සිදුකළ මුදල් වංචාවකට අදාළව එලෙස චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

එම ලැබුණු පැමිණිල්ල මත මුදල් චංචාවට අදාළව මුදල් වලට රිසිට්පත් නිකුත් කරා යැයි සඳහන් කරන ලද සැකකාරියක ද පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබේ.

සිදුවීමට අදාළව වැඩිදුර විමර්ශණ සඳහා ප්‍රකාශයක් ලබා දීමට අමිත් වීරසිංහට තෙල්දෙණිය පොලිසියට පැමිණෙන ලෙස දැනුමි දී ඇති අතර එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

(news19.lk)