
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එල්ලවී ඇති බාලවයස්කාර දැරියක දුෂණය කිරීමේ චෝදනාව හමුවේ නිහඬව සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරියන් පිරිසක්, කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි අපරාධ වැළැක්වීම සහ ඒවාට මුහුණ දීමේදී අනුගමනය කරන හොඳම ක්‍රමවේද හා උපාය මාර්ග පිළිබඳව විමර්ශනය කිරීමට ඉන්දියාවේ සංචාරයක නිරතව ඇත.
මේ සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ෆේස්බුක් පිටුවේ වාර්තා කර ඇත්තේ මෙසේය.
‘ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක්, මේ මස 10 සිට 16 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා දිගුකාලීන පාර්ලිමේන්තු, සංස්කෘතික සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, කාන්තා සවිබල ගැන්වීම, පාර්ලිමේන්තු කටයුතු, සමාජ සංවර්ධනය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී පාලනයට ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණයි.
නියෝජිත පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටා ඇති මහත්මා ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර, ලෝක් සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා සමඟද සාකච්ඡා පැවැත්වූහ. එහිදී දෙපාර්ශ්වයම අන්තර්-පාර්ලිමේන්තු සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.
නියෝජිත පිරිස ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වූහ. එහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස, කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යවරිය ගරු අන්නපූර්ණා දේවී මහත්මිය සමග කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන්, ළමා සුභසාධනය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදී ප්‍රතිපත්ති සහ දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ.
මෙම නියෝජිත පිරිස දිල්ලි පොලිස් කොමසාරිස්වරයාද හමුවී, කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි අපරාධ වැළැක්වීම සහ ඒවාට මුහුණ දීමේදී අනුගමනය කරන හොඳම ක්‍රමවේද හා උපාය මාර්ග පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වූහ. එහිදී විශේෂයෙන් කාන්තා හා ළමා ආරක්ෂාව, ආරක්ෂණ යාන්ත්‍රණ, නීතිමය බලාත්මක කිරීම සහ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
නියෝජිත පිරිස, කාන්තා නායකත්වයෙන් යුත් ස්වයං සහාය කණ්ඩායම් (Self-Help Groups) සමඟ මෙන්ම ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ කාන්තා සංවිධානයේ (FICCI FLO) නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වූහ.
සංචාරය අතරතුර, නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය (PRIDE) විසින් සංවිධානය කරන ලද පුළුල් වැඩසටහනකට සහභාගී වෙමින් සිටී. මෙම වැඩසටහනට ඉන්දියානු පාර්ලිමේන්තු ක්‍රමය, කමිටු පද්ධතිය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම පිළිබඳ සැසි මෙන්ම කාන්තා නායකත්වයෙන් යුතු සංවර්ධන වැඩසටහන් සහ කාන්තාවන් හා ළමුන් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ඉන්දියාව විසින් අනුගමනය කරන හොඳම ක්‍රමවේද පිළිබඳ සාකච්ඡාද ඇතුළත් වේ.
ඉදිරි දිනවලදී නියෝජිත පිරිස නවදිල්ලි ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අග්‍රා නගරයේ පිහිටි ටාජ් මහල්, අග්‍රා කොටුව ඇතුළු වැදගත් සංස්කෘතික හා ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීමටද නියමිතය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පාර්ලිමේන්තු කටයුතු හා ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් මඟින් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය, කාන්තා සවිබල ගැන්වීම සහ සමාජ ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීමේදී වැදගත් භූමිකාවක් අඛණ්ඩව ඉටු කරමින් සිටී.
මෙම සංචාරය සඳහා රෝහිණී කුමාරි විජේරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ ඒ.එම්.එම්. රත්වත්තේ, නීතිඥ හසාර ලියනගේ, අම්බිකා සාමිවෙල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ගීතා හේරත් යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වී සිටිති.
නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන සහකාර ප්‍රධාන නිලධාරී හෂ්මි ප්‍රනාන්දුපුල්ලේ, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු පරිවර්තක චමිලා නිස්සංගා සහ ජ්‍යෙෂ්ඨ සහකාර පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී රනිල් නානායක්කාර යන මහත්ම මහත්මින්ද සහභාගී වූහ.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart