
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් පැනවීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි ප්‍රසාදය පළකර තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ එය ගෝලීය අවිනිශ්චිතතාව සහ බාහිර පීඩනයන් උත්සන්න වෙමින් පවතින අතරතුර, ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු බාහිර අංශය ආරක්ෂා කිරීම සහ හිඟ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම අරමුණු කරගත් විචක්ෂණශීලී සහ කාලෝචිත පියවරක් බවයි.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පුරෝකථනය කළ සහ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා යුද්ධය දිගු විය හැකි යැයි තමා සැමවිටම සිතූ බවත් ඒ අනුව එදා සිටම තමන් මේ සඳහා යෝජනා කළ බවත් ඔහු සඳහන් කරයි.
2026 මැයි 15 වැනි දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි නිදහස් කිරීමේදී ලබා දී ඇති පැහැදිලිකම ද ඒ හා සමානව වැදගත් බවත් එය සාධාරණ බවත් ඔහු සඳහන් කරයි.
එය අනවශ්‍ය අවිනිශ්චිතතාවන් වළක්වන අතර පසුකාලීන සංකූලතා ද වළක්වන බව ඔහුගේ අදහසයි.
එසේම දැනටමත් ගැටලුවලට මුහුණදෙන ආනයනකරුවන් තවදුරටත් දුෂ්කරතා සහ අත්තනෝමතික පරිපාලන දුෂ්කරතාවලින් ආරක්ෂා කිරීමට එය ඉවහල් වන බව ද ඔහු සඳහන් කරයි.
අලි සබ්රි පවසන්නේ අර්බුදකාරී කාලවලදී, පැහැදිලිකම, අනුකූලතාව සහ ක්‍රියාත්මක කිරීමේදී සාධාරණත්වය ප්‍රතිපත්තිය තරම්ම වැදගත් බවයි..
යුද්ධයේ ආර්ථික හා මානුෂීය පිරිවැය දේශසීමා ඉක්මවා යන අතර බොහෝ විට වඩාත් වේදනාකාරී ලෙස දරාගත හැක්කේ අවදානමට ලක්විය හැකි රටවල සාමාන්‍ය ජනතාව විසින් බව ද ඔහු සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart