May 16, 2026

ලියාපදිංචි නොකල සමාගමක් හරහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල ආනයනයේදී රජයට පාඩුවක් සිදුව ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත විසිනි.

රුපියල් බිලියන 3.1ක් වටිනා ඇන්ටිජන් කට්ටල ආනයනයේ දී රජයට මෙම වංචාව සිදුව ඇති බවට අදාළ පැමිණිල්ල මගින් සඳහන් කර ඇත.

ඒ අනුව කොමිසම පැමිණිලිකරුට දන්වා ඇත්තේ ඒ සම්බන්ධයෙ විමර්ශනය කිරීමට කොමිසම තීරණය කර ඇති බවයි.