May 15, 2026

විල්ගමුව, හෙට්ටිපොල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් 56 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 25 හැවිරිදි දියණිය මිය ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ සිකුරාදා උදෑසන මෙම වන අලි ප්‍රහාරය සිදුව ඇති බවයි.

පියා තම දියණිය ඇගේ සේවා ස්ථානයට ඇරලීමට පාපැදියකින් යමින් සිටියදී හදිසියේම මෙම වන අලි පහරදීම සිදුව තිබේ.

තුවාල ලැබූ දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

පසුව ඔවුන්ගේ සිරුරු විල්ගමුව රෝහලට ගෙන ගොස් තිබේ.