
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳ ආයතනවලින් පාරිභෝගිකයන්ට ෂොපින් මලු අලෙවි කිරීමෙන් ලැබෙන බදු මුදල් රජයේ නිශ්චිත පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැර විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සළකා බැලීම සඳහා නොවැම්බර් මස 03 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි.
එය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 03 වැනිදා කැඳවන ලෙස නියම කළේය.
පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ පාරිසරික සංරක්ෂණ බදු පනතට අනුව සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳ ආයතනවලින් පාරිභෝගිකයන්ට අලෙවිකරණ ෂොපින් මලු සඳහා අය කරන බදු මුදල් රජයේ නිශ්චිත පාරිසරික සංරක්ෂක අරමුදලකට බැර විය යුතු බවයි.
නමුත් වර්තමානයේ එවැන්නක් සිදු නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය නීතියට පටහැනි බව සඳහන් කර ඇත.
ඒ අනුව අදාළ බදු මුදල් රජය විසින් ස්ථාපිත කර තිබෙන පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැර විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart