May 5, 2026

තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග විජේගේ දේශපාලන පක්ෂය වන TVK ලැබූ ශක්තිමත් ජයග්‍රහණයට දකුණු ඉන්දීය සිනමා තරු රැසක් ඔහුට සුබපැතුම් එක්කර තිබේ.

චිරන්ජීව්, මහේෂ් බාබු, සූරියා, නයන්තාරා ඇතුළු නළු නිළියන් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ මෙම සුබපැතුම් එක්කර තිබිණි.

චිරන්ජීව් සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත්තේ පළමුවරට මැතිවරණයට ඉදිරිපත් වී ලැබූ මෙම විශිෂ්ට ජය ඔහුට හිමිවිය යුතු ජයග්‍රහණයක් බවයි.

තමිල්නාඩු ජනතාව විජේ කෙරෙහි තබා ඇති විශ්වාසය මෙම ජයග්‍රහණයෙන් පෙනී යන බවත් ජනතාවගේ සහයෝගය ලැබීම ආශිර්වාදයක් බවත් දකුණු ඉන්දීය නළු සූර්යා සිය සුබ පැතුමේ සඳහන් කර ඇත.

මහේෂ් බාබු සඳහන් කර ඇත්තේ විජේගේ ජයග්‍රහණය තමිල්නාඩුවට යහපත් වෙනසක් සිදු කරනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

විජේගේ මෙම ජයග්‍රහණය ආරම්භයක් පමණක් බවත් තව බොහෝදුර ඔහු ගමන් කරනු ඇති බවත් සිනමා නිළි නයන්තාරා විජේට සුබ පතමින් සඳහන් කර ඇත.