
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට පැමිණෙන ලෙස අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් හෝ නොතීසියක් එවා නැතැයි මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ‘දිනමිණ’ පුවත්පතට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් විමසීමේදි හිටපු ඇමැති පියංකර ජයරත්නද පවසා ඇත්තේ, තමන්ටද මේ සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි.
යම් සිද්ධියකට කැඳවීමක් කරන්නේ නම්, ඊට අදාළ පුද්ගලයාට දැනුම්දීම වෙනුවට තම හිතවත් ජනමාධ්‍ය වෙත දැනුම්දීමට කටයුතු කරන බවත්, ඒ මඟින්ම එහි ඇති අරුත පැහැදිලිව පෙන්නුම් කරන බවත් මනෝජ් ගමගේ පවසා ඇත.
එමෙන්ම රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන කටයුතුවලට බිය නොවන බව පවසන මනෝජ් ගමගේ, අවශ්‍ය අවස්ථාවලදී නීත්‍යානුකූලව ඒ සඳහා ප්‍රතිචාර දක්වන බව ද සඳහන් කරයි.
අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කළ ද, වත්මන් රජයට එල්ල වී ඇති ගල්අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බව ද නීතිඥ මනෝජ් ගමගේ අවධාරණය කර තිබේ.
අල්ලස් කොමිසම කටයුතු කරන්නේ, මහජන බදු මුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත්, දේශපාලන දඩයම්වලට ප්‍රමුඛත්වය ලබානොදී අනෙකුත් මහා පරිමාණ වංචා පිළිබඳවද ස්වාධීනව පරීක්ෂණ පවත්වන ලෙසත් හෙතෙම ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart