
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය සමඟ පැවති ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් තම රජය විසින් අත්හිටුවා ඇති බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි පවසයි.
කලින් සමීප සගයන් වූ මෙම දෙරට අතර පැවති සබඳතා මැද පෙරදිග ගැටුම් පවතින අතරතුර පළුදු වීමක් මෙම ප්‍රකාශය මගින් පිළිබිඹු කරයි.
මෙලෝනිගේ දක්ෂිණාංශික රජය යුරෝපයේ සිටින ඊශ්‍රායලයේ සමීපතම මිතුරකු වූ නමුත් මෑත සතිවලදී ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාර විවේචනය කර ඇත.
අදාළ ප්‍රහාර මගින් සිය ගණනක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබා තිබිණි.
එක්සත් ජාතීන්ගේ නියෝගයක් යටතේ ලෙබනනයේ සේවය කරන ඉතාලි හමුදා භටයන්ට පසුගිය සතියේ ඊශ්‍රායලය අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමක් සිදු කළ අතර එමඟින් වාහනයකට හානි සිදු වී තිබිණි.
“වර්තමාන තත්ත්වය සැළකිල්ලට ගනිමින්, ඊශ්‍රායලය සමඟ ආරක්ෂක ගිවිසුම ස්වයංක්‍රීයව අලුත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා,” යනුවෙන් උතුරු ඉතාලියේ වෙරෝනා වෙත ගිය සංචාරයකදී මෙලෝනි පැවසුවාය.
නිර්නාමිකව සිටිමින් අදහස් දක්වා ඇති මෙම සිදුවීමට සම්බන්ධ සමීප මූලාශ්‍රයක් පැවසුවේ මෙලෝනි ඇගේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් වන ඇන්ටෝනියෝ ටජානි සහ ගයිඩෝ ක්‍රොසෙටෝ මෙන්ම නියෝජ්‍ය අගමැති මැටියෝ සැල්විනි සමඟ සඳුදා මෙම තීරණය ගත් බවයි.
ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබිණි..
මෙලෝනිගේ නිවේදනය පුදුමයට කරුණක් වූයේ එය ඊශ්‍රායලය සම්බන්ධයෙන් කලින් ප්‍රවේශම් සහගත ස්ථාවරයකින් වෙනස් වීමක් සනිටුහන් කළ බැවිනි.
මන්ද විපක්ෂය අදාළ ගිවිසුම අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා තිබිණි.
“අපි යම් කාලයක් තිස්සේ අනෙකුත් ප්රගතිශීලී බලවේග සමඟ මේ සඳහා ඉල්ලා සිටියා,” යනුවෙන් මධ්‍ය-වාම ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායිකා එලී ෂ්ලයින් පැවසුවේ, ඉතාලිය යුරෝපා සංගම්-ඊශ්‍රායල් සංගම් ගිවිසුම අත්හිටුවීමට ද සහාය දිය යුතු බව සඳහන් කරමිනි.
2003 දී එවක අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ රජය විසින් අත්සන් කරන ලද ඊශ්‍රායලය සමඟ ඉතාලියේ සංදේශය 2006 දී බලාත්මක වූ අතර එක් පාර්ශ්වයක් ඉවත් නොවන්නේ නම් එය සෑම වසර පහකට වරක් ස්වයංක්‍රීයව අලුත් කිරීම්වලට යටත් වේ.
එමගින් ‘ඔවුන්ගේ ආරක්ෂක හැකියාවන් වැඩි කිරීම’ සඳහා ඊශ්‍රායල-ඉතාලි සහයෝගීතාව පුරෝකථනය කරන අතර ප්‍රසම්පාදනය, පුහුණුව සහ ‘ආරක්ෂක සහ හමුදා උපකරණ ආනයනය, අපනයනය සහ ප්‍රවාහනය’ ඇතුළු ක්ෂේත්‍ර ආවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart