April 13, 2026

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය 2026 අප්‍රේල් 19 වැනි දින යාඥා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ අද පැවසූහ.

වින්දිතයන්ගේ ආදරණීයයන් අපේක්ෂා කරන පරිදි ප්‍රහාර පිළිබඳ සත්‍යය හෙළිකරන ලෙස සර්වබලධාරී දෙවියන්ගෙන් ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික පල්ලිවල එදින දේව මෙහෙයන් පවත්වන බවද අගරදගුරුතුමෝ පවසති.