April 12, 2026

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සිය යෝග්‍යතා පරීක්ෂණ සාර්ථකව නිම කිරීමෙන් පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට එක්වනු ඇතැයි වාර්තා වේ.

ආබාධ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වී සිටි පතිරණ මේ වනවිට අවශ්‍ය යෝග්‍යතා තක්සේරුව සමත් වී ඇත.

ඒ අනුව ඉදිරි දිනවලදී ඔහු ඉන්දියාව බලා පිටත්ව යෑමට ඉඩ ඇති බව වාර්තා වේ.

තරඟාවලිය ඉදිරියට යන විට කණ්ඩායමට කාලෝචිත ශක්තියක් ලබා දෙමින් ඔහු කඩිනමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.