
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන 30වැනිදා මෙරටදී සහ පාකිස්ථානයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර ඇතැයි වාර්තා වේ.
මෙම ශ්‍රී ලංකා එක්දින සංචිතයට කුසල් ජනිත් පෙරේරා වසර දෙකකට පසුව කැදවා තිබිම විශේෂත්වයක්.
චාමික කරුණාරත්න, අවිශ්ක ප‍්‍රනාන්දු සහ සහන් ආරච්චිගේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ.
පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසංලක, සධීර සමරවික‍්‍රම, ධනංජය ද සිල්වා, වනිදු හසරංග, ඇන්ජලෝ මැතිවිස්, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තික්ෂණ, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ශාන් මධුශංක සහ මතීෂ පතිරණ ආසියානු එක්දින තරගාවලියට නම් කල සංචිතයට ඇතුළත්ව තිබේ.
කෙසේ වෙතත්, ආසියානු කුසලාන එක්දින තරගාවලියට සහභාගි වන නිල සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියකු කියා සිටියේ අවසන් සංචිතය මේ සතිය ඇතුළත ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart