April 7, 2026

ඇමරිකානු ජනාධිපති ධුර කාලය අවසන් කිරීමෙන් පසු වෙනිසියුලාවේ ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීම කෙරෙහි තමාට අවධානය යොමුකළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ වෙනිසියුලාව තුළ තමා ඉතා ජනප්‍රිය පුද්ගලයකු බවයි.

”වෙනිසියුලාවේ ජනතාව පවසන්නේ මා එරට ජනාධිපති ධුරයට තරඟ කළහොත්, වෙනිසියුලාවේ මෙතෙක් කිසිවෙකු ලබානොගත් ඉහළම ජනප්‍රියතාවයක් මට හිමිවන වනවා කියලයි. ඒක නිසා මගේ මෙහි වැඩකටයුතු අවසන් වූ පසු මට වෙනිසියුලාවට යන්න පුලුවන්” යනුවෙන් ට්‍රම්ප් පැවසීය.

පසුගිය ජනවාරි මාසයේදී ඇමරිකානු හමුදා විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස්ව මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත අත්අඩංගුවට ගෙන නඩු විභාග කිරීම සඳහා ඇමරිකාවට රැගෙන එන ලදී.