
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල හා විද්‍යාර්ථ විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරඟයේ සංවිධාන කටයුතු සඳහා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට යමින් සිටි සිල්වෙස්තර විදුහලේ සිසුන් දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක් අද (02) පෙරවරු 6.30 ට පමණ පල්ලේකැලේ රත්මල්ඔය පාලම අසළදී පෞද්ගලික බස් රථයක ගැටී සිදුවූ අනරකින් එක් සිසුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.
අනතුරට ලක්වූ අනෙක් සිසුවා බරපතළ තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
විදුහලේ 13 වැනි වසරේ අධ්‍යාපනය ලබන මෙම සිසුන් දෙදෙනා වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට අදාළව පත්කළ ආරක්ෂක කමිටුව නියෝජනය කරන අතර, තරඟය නැරඹීමට පැමිණෙන සිසුන් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමට පෙර ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම ඇතුළු කටයුතු වලට සම්බන්ධ වීම සඳහා මොවුන් පෙරවරුවේ යමින් සිට ඇති බව අනාවරණය වී තිබේ.
සිසුන් ගමන් ගත් යතුරු පැදිය දිගන සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගැටී අනතුර සිදුව තිබෙන බවත් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේගේ උපදෙස් මත පල්ලේකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart