March 28, 2026

විපක්ෂය වුවද මේ මොහොතේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ යුතු වන්නේ ප්‍රායෝගිකව යන්න තම මතය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

මෙවැනි අර්බුධකාරී අවස්ථා සඳහා මුහුණදීමට ආණ්ඩුව ද පෙර සිටම ඉදිරි දැක්මකින් යුතුව කටයුතු කළ යුතුව තිබූ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඔහු සඳහන් කළේ මෙරට පුනරාවර්තන වියදම් අඩු කළ යුතු බවට තමන් මීට පෙර සිටම යෝජනා කලේ ද ඒ හේතුවෙන් බවයි.

ආණ්ඩුව ඩබල් කැබ් ආනයනය සම්බන්ධයෙන් යෝජනා කළ අවස්ථාවේදී ඉදිරියේදී ඇතිවිය හැකි ඉන්ධන අර්බුදයකට ද මුහුණ දිය හැකි පරිදි විදුලි වාහන ආනයනය සඳහා තමන් යෝජනා කළ බව ද මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

ආණ්ඩුව එවැනි තීරණයක් ගත්තේ නම් ඉන්ධන සඳහා මසකට වැයවන විශාල මුදලක් ඉතිරි වන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.