
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාලයේ ප්රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ හරක් කටා රැඳවුම් නියෝග මත රඳවා සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රහාරයක් එල්ලකර ඔහුව මුදාගැනීමට සැලසුම් කළ බව කියන මිදිගම චූටි නමැති මත්කුඩු ජාවාරම්කරු ඕමානයේ සිට ඊයේ (30) අලුයම රැගෙන එනු ලැබීය.
අන්තර්ජාතික පොලීසිය මඟින් රතු නිවේදනයක් ද නිකුත්කර ඇති මිදිගම චූටි ඕමානයේ දී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ ජුනි මාසයේදීය.
ඕමාන් ආරක්ෂක බලධාරින් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලීසිය මගින් මෙරටට නිල වශයෙන් දැනුම්දීමක් ද කර තිබිණි.
ඒ අනුව මිදිගම චූටි සම්බන්ධයෙන් වූ ගොනු උදර්පන නීති ප්රකාරව ඕමානය වෙත යොමු කිරීමට ද මෙරට බලධාරින් පියවර ගෙන තිබිණි.
එහි ප්රතිඵලයක් ලෙස මිදිගම චූටි නමැති මෙම සැකකරු මෙරටට භාරදීමට ඕමාන් බලධාරින් එකඟතාවකට පත්ව ඇත.
එහෙත් ඔහු සම්බන්ධයෙන් එරට අධිකරණයේ නඩු කටයුත්තක් ආරම්භව පැවැති බැවින් එය අවසන්වන තුරු බලා සිටීමට සිදුව තිබේ.
එම නඩු කටයුතු මෙම මස මුල දී අවසන් වූවත් මැදපෙරදිග කලාපයේ පැවැති යුද්ධය හේතුවෙන් මිදිගම චූටි මෙරටට රැගෙන ඒම දින ගණනාවක් ප්රමාද වී තිබිණි.
ඕමානය සහ ශ්රී ලංකාව අතර ගුවන් ගමන් සැලකිය යුතු මට්ටමකින් ආරම්භ වීමත් සමඟ දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕමානයට ගොස් මිදිගම චූටි සිය භාරයට ගෙන මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.
ඕමානයේ මස්කට් නුවර සිට අලුයම 04.27ට පැමිණි ස්ලාම් එයාර් ගුවන්සේවයේ ඕ.වී.- 437 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රාජපක්ෂ පතිරණලාගේ ප්රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි නමැති 38 හැවිරිදි මෙම සැකකරු රැගෙන එනු ලැබීය.
ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
දැඩි ආරක්ෂාවක් සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ල වෙත කටුනායක සිට රැගෙන ආ මිදිගම චූටි රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පැවැත්වීමට නියමිතය.
මැඩගස්කරයේ දී එරට ආරක්ෂක අංශ විසින් 2023 වසරේ ජුනි මාසයේ දී අත්අඩංගුවට ගත් හරක් කටා සහ කුඩු සලිදු මෙරටට රැගෙන එනු ලබන්නේ එම වසරේම ජුනි 30 වැනිදාය.
රැඳවුම් නියෝගමත ඔවුන් රඳවා සිටිෙය් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහය ඇතිව හරක් කටාව පැන්නීමටත් එය අසාර්ථක වූ තැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රහාරයක් එල්ලකර හරක් කටාව මුදාගැනීමටත් මිදිගම චූටි විසින් සැලසුම්කර තිබේ.
ඒ සඳහා ඔහුට සහය වී ඇත්තේ හරක් කටාගේ තවත් ප්රධාන ගෝලයෙක් වන මිදිගම රුවන් බව සඳහන් විය.
ඩුබායිහි රැඳී සිටි මිදිගම රුවන් 2024 වසරේ දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ රාත්රී සමාජ ශාලාවක වූ ගැටුමක් සම්බන්ධයෙනි.
ඔහුව ද ඩුබායි සිට 2024 වසරේ මැයි මාසයේ දී මෙරටට රැගෙන එනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ විෙශ්ෂ පොලිස් කණ්ඩායමක් විසිනි.
රැඳවුම් නියෝග මත රඳවා සිටි ඔහු ෙම් වන විට සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය.
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි ලසන්ත වික්රමසේකර ඝාතනයද ඔහු විසින් බන්ධනාගාරයේ සිට මෙහෙයවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබිණි.
එම ඝාතනය සිදුවන විට වැලිගම චූටි සිටින්නේ ඕමාන් ආරක්ෂක අංශ භාරයේය.
මොහු එරට අත්අඩංගුවට පත්වීමෙන් පසු හෘදයාබාධයක් වැළඳුණු බවට බොරු රඟපෑමක් කර ඇති බවටද වාර්තාවේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart