
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චෙක් ජනරජයේ සෙනෙට් සභාව විසින් දලයි ලාමාගේ අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා කෙටුම්පතක් සම්මත කිරීමට එරෙහිව චීනය සිය දැඩි විරෝධය පළ කර තිබේ.
එමෙන්ම චීනය පවසා ඇත්තේ එවැනි ක්‍රියා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සිදු කළ බරපතල ඇඟිලි ගැසීමක් බවයි.
ටිබෙට් ජාතිකයන් ඇතුළුව එරට වෙසෙන ජනවාර්ගික සුළුතර කණ්ඩායම් 55ක් සඳහා වූ පොදු ජාතික අනන්‍යතාවයක් පිළිබඳ නීතියක් චීනය විසින් අනුමත කර සති දෙකකට පමණ පසු, එනම් මාර්තු 25 වන දින චෙක් සෙනෙට් සභාව මෙම යෝජනාව සම්මත කරන ලදී.
15 වන දලයි ලාමා තෝරා පත් කර ගැනීමේදී ටිබෙට් වැසියන්ට ඇති නිදහස් අයිතියට සහාය දෙන ලෙස චෙක් විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු එරට රජයට මෙම යෝජනාවලිය මගින් විශේෂයෙන් නිර්දේශ කර ඇත.
ඇතැම් චෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටිබෙටයට අදාළ කරුණු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය නොසලකා හරිමින්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙස ඇඟිලි ගැසීම පිළිබඳව දැඩි අප්‍රසාදය සහ දැඩි විරෝධය පළ කරන බව චෙක් ජනරජයේ පිහිටි චීන තානාපති කාර්යාලය ද ප්‍රකාශ කළේය.
ටිබෙටය යනු චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත්, ටිබෙට් කටයුතු සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.
14 වන දලයි ලාමා යනු හුදෙක් ආගමික චරිතයක් පමණක් නොව, ආගම මුවාවෙන් චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාවල නිරත වන දේශපාලන පිටුවහලෙකු බව ද චීනය ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart