March 29, 2026

නෙස්ලේ සමාගමට අයත් කිට්කැට් චොකලට් බාර් තොගයක් යුරෝපයේදී සොරකම් කර ඇත.

වාර්තාවලට අනුව, ටොන් 12ක චොකලට් රැගෙන ගිය ට්‍රක් රථය ඉතාලියේ සිට පෝලන්තයට තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අතුරුදහන්ව තිබේ.

එම ට්‍රක් රථයේ කිට්කැට් බාර් 400,000 කට වඩා අඩංගු වූ බව වාර්තා වේ.

නෙස්ලේ සමාගම සොරකම තහවුරු කර ඇති අතර, මෙම සිද්ධිය සමහර වෙළඳපොළවල සැපයුම්වලට බාධා ඇති කළ හැකි බවට සමාගම අනතුරු අඟවා ඇත.

ශේෂයෙන් පාස්කු ඉරිදාට පෙර චොකලට් සඳහා ඇති ඉල්ලුම සාමාන්‍යයෙන් ඉහළ යෑමක් පවතී.

බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සොරකම් කරන ලද ට්‍රක් රථය සහ චොකලට් මෙතෙක් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.

යුරෝපය පුරා සිල්ලර වෙළෙන්දෝ පාස්කු උත්සවය සඳහා තොග ගබඩා කරමින් සිටින අවස්ථාවක මෙම සොරකම සිදුව තිබේ.