March 21, 2026

පවතින ලෝක අර්බුද හමුවේ ශ්‍රී ලංකාව රටක් ලෙස එක්වී එම අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඊට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත යුතු ආකාරය පිළිබඳව ද ඔහු යෝජනා ඉදිරිපත් කළේය.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ දැන් එළැඹ ඇත්තේ ශ්‍රී ලංකාවේ භූ පිහිටීම උපරිම වාසි ලබා ගත යුතු කාලසීමාවක් බවයි.

ජාත්‍යන්තර අර්බුද හමුවේ ලංකාව මෙවැනි ගැටලු සඳහා මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා නිදහස ලබා ගතව ඇති වසර 78 තුළ ශ්‍රී ලංකාව අවස්ථා රැසකදී මෙවැනි අභියෝග සඳහා සාර්ථකව මුහුණ දී ඇතැයි ද පැවසුවේය.

එහිදී වැදගත් වන්නේ පවතින්නේ කුමන ආණ්ඩුව ද යන්න නොව සියල්ලන් ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්ව කටයුතු කිරීම බව ද ඔහු පැවසුවේය.

එමෙන්ම මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී පක්ෂ භේදයෙන් තොරව කටයුතු කළ යුතු බව සහ අවශ්‍ය වන්නේ රටක් ලෙස නැගී සිටීම පමණක් බවයි.