March 28, 2026

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුව තිබේ.

ද්විපාර්ශ්වික වෙළඳාම වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඊට අමතරව ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර අංශයේ සහයෝගීතාව ගැඹුරු කිරීම කෙරෙහි ද සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇත.