March 28, 2026

මහියංගණය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ 3 වැනි සැතපුම් කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් විවාහක යුවළක් මිය ගොස් තිබේ.

ඊයේ (27) රාත්‍රියේ ගිරාඳුරුකෝට්ටේ දෙසට ගමන් කළ ඩබල් කැබ් රථයක් තවත් වාහනයක් පසුකර යෑමට උත්සාහ කිරීමේ දී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය අංශයට පවසයි.

අනතුරින් තුවාල ලැබූ කැබ් රථ රියදුරු, ට්‍රැක්ටර් රියදුරු සහ කැබ් රථයේ සිටි හත් දෙනා ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන් අතර සිටි පිරිමියකු සහ කාන්තාවක් පසුව මිය ගිය බව පොලිසිය පැවසීය.

මියගිය අය මහියංගණය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 සහ 44 වයස්වල පසුවන විවාහක යුවළක් ලෙස හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.