
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ සාකච්ඡා සඳහා කළ ඉල්ලීමත් සමඟ, අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ එරට පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් ගලිබාෆ් ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ටෙහෙරානයේ ප්‍රධාන සාකච්ඡාකරුවන් දෙදෙනකු වන ගලිබාෆ් සහ අරග්චි ඊශ්‍රායලයේ ඉලක්ක බවට පත්ව සිටි අතර, ඔවුන් ඝාතනය කිරීම යුද්ධයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සෙවීමේ සියලු මාර්ග අහුරා දැමීමට හේතු විය හැකි බවට පාකිස්ථානය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල මැදිහත්කරුවන් වොෂින්ටනයට අනතුරු ඇඟවූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.
“ඊශ්‍රායලය සතුව ඔවුන්ගේ පිහිටීම තිබූ අතර ඔවුන්ව ඉවත්කිරීමට (ඝාතනය කිරීමට) අවශ්‍ය වී තිබුණා. ඔවුන් දෙදෙනාත් නැති වුවහොත් සාකච්ඡා කිරීමට වෙනත් කිසිවකු ඉතිරි නොවන බව අපි එක්සත් ජනපදයට පැවසුවා. ඒ අනුව, පසුබසින ලෙස එක්සත් ජනපදය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියා,” යනුවෙන් මෙම සාකච්ඡා පිළිබඳ දැනුමක් ඇති පාකිස්ථාන මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
කෙසේවෙතත්, මෙම සහනය කෙටිකාලීන වන අතර එය කාලසීමාවකට යටත් වේ.
වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාවකට අනුව, ට්‍රම්ප් ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා දොරටු විවෘත කරන බැවින් ගලිබාෆ් සහ අරග්චි දින හතරක් හෝ පහක් දක්වා කාලයකට ඉලක්ක ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.
සාම සාකච්ඡා සඳහා යුද්ධය තාවකාලිකව නතරකිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරි දින කිහිපය තුළ වොෂින්ටනයේ සහ ටෙහෙරානයේ සාකච්ඡාකරුවන් හමුවිය යුතු බවට තුර්කිය, පාකිස්ථානය සහ ඊජිප්තුව යන රටවල මැදිහත්කරුවෝ බලපෑම් කරමින් සිටිති.
කෙසේවෙතත්, ඇමරිකානු සහ ඉරාන ඉල්ලීම් අතර විශාල පරතරයක් පවතින බැවින් මෙහි සාර්ථකත්වයේ සම්භාවිතාව අඩු බව වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරයි.
ඉරානය ගිවිසුමකට එළඹීමට දැඩි උනන්දුවකින් පසුවන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර, ගැටුම සමනය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමේ අදහසක් තමන්ට නොමැති බව ටෙහෙරානය පවසා ඇත.
එසේම, ගැටුම අවසන් කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් යෝජනාව එක්පාර්ශ්වික බව පවසමින් ඉරානය එය ප්‍රතික්ෂේප කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart