
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ තිරුචි, කොට්ටපත්තු හි පිහිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගත කඳවුරේ පදිංචිකරුවකු වන 39 හැවිරිදි ආර්. ගෝකුලේස්වරන්ට ඉන්දීය පුරවැසියකු ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබී තිබේ.
ඒ අනුව ඉදිරි ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී ඔහු ඉන්දීය පුරවැසියකු ලෙස ප්‍රථම වරට ඡන්දය ප්‍රකාශ කරනු ඇත.
“මම 1986 පෙබරවාරි 9 වැනිදා තිරුචි හි උපත ලැබුවා, මෙහෙ තමයි අධ්‍යාපනය ලැබුවෙත්. ඉන්දියානු පුරවැසියකු ලෙස මගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට මට අවශ්‍ය වූ නිසා මම මගේ ඡන්දදායක හැඳුනුම්පත සඳහා අයදුම් කළා. පුරවැසිභාවය මගේ දරුවන්ගේ අනාගතය වැඩිදියුණු කරයි. පුරවැසිභාවය පිළිබඳ ක්‍රියාවලිය ගැන නොදන්නා වගේ අනිත් අයටත් මෙය ආශ්වාදයක් වෙයි,” යනුවෙන් ගෝකුලේස්වරන් ද හින්දු පුවත්පතට පැවසීය.
කෙසේවෙතත්, ඔහුගේ මෙම ජයග්‍රහණය සම්පූර්ණ ලෙස භුක්ති විඳීමට ඔහුට නොහැකි වී ඇත්තේ ඉන්දියානු විදේශ ගමන් බලපත්‍රයක් සඳහා වන අයදුම්පත ප්‍රමාද වීම හේතුවෙනි.
“මම විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළේ 1987 ජූලි 1 වැනි දිනට පෙර මම එරට උපත ලැබූ නිසයි, මම දැනටමත් ප්‍රකාශිත ඉන්දියානු පුරවැසියකු නිසයි. නමුත් බලධාරීන් එය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ මගේ වාර්තාවල ‘සාපරාධී වරදක්’ ඇති බව සඳහන් කරමින්. මම 2024 දී රිට් පෙත්සමක් ගොනු කළා,” යැයි ඔහු පැවසීය.
1955 පුරවැසි පනත යටතේ ගෝකුලේශ්වරන් ඉන්දියානු පුරවැසියකු බව තීරණය කළ මදුරාසි මහාධිකරණයේ මදුරෙයි විනිසුරු මඩුල්ල, සති අටක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය නිකුත් කරන ලෙස 2025 ඔක්තෝබර් මාසයේදී නියෝගයක් නිකුත් කළේය.
“මට තවමත් මගේ විදේශ ගමන් බලපත්‍රය ලැබී නැහැ,” යනුවෙන් සුපිරි වෙළඳසැලක සේවය කරන ගෝකුලේශ්වරන් පැවසීය.
කෙසේවෙතත් 2024 දී කොට්ටපත්තු කඳවුරෙන් තම ඡන්ද බලය භාවිත කළ පළමු ඉන්දියානුවා බවට පත් වූ ඔහුගේ නෑනා වන 40 හැවිරිදි කේ. නලිනි, ඡන්ද හිමි නාමලේඛනවලින් ඇගේ නම ඉවත් කර ඇති බැවින් ඇයට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා නිශ්චිත නොවන බව පෙනේ.
“මට නැවත අයදුම් කිරීමට උපදෙස් දුන්නා; මම ඒක කළා, මගේ නම ඉවත් කිරීම ගැන මම මානසිකව කලබල වෙලා ඉන්නේ,” ඇය පැවසුවාය.
නාලිනි දෙදරු මවක් සහ ගෘහණියකි.
කොට්ටපත්තුවේ පුරවැසිභාවය සඳහා අයදුම්කරුවන්ගේ උත්සාහයන් සම්බන්ධීකරණය කරන කඳවුරේ පදිංචිකාරියක වන 40 හැවිරිදි මාධිනි පවසන පරිදි, 1990ට පෙර මෙහි පැමිණි සරණාගත පවුල් 25ක් ඇත.
“අපි ඉන්දියාවේ රැකවරණය පතා ගිය විට නැති වූ හෝ විනාශ වූ අනන්‍යතා සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. අපෙන් සමහරෙක් මෙම කඳවුරේ වසර 40කට වැඩි කාලයක් ගත කර තිබෙනවා, බොහෝ දෙනෙක් ඉන්දියානු පුරවැසිභාවය බලාපොරොත්තුවෙන් මිය ගිහිල්ලත් ඉවරයි,” ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart