
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුමන ජාතික වනෝද්‍යානයේ බඹරගස්තලාව ආරණ්‍ය සේනාසනයේ නේවාසිකව වැඩ විසූ භික්ෂුවක් කොටියකුගේ ප්‍රහාරයකට ලක්ව අපවත් වී තිබේ.
පොලිසියට අනුව, අපවත් වූ භික්ෂුව චෙක් ජාතිකයෙකි.
අපවත් වන විට උන්වහන්සේගේ 43 හැවිරිදි වියේ පසු වූ බව පොලිසිය සඳහන් කරයි.
නන්ද ලෙස හඳුන්වන උන් වහන්සේ මෙම සිද්ධියට ඊයේ (26) උදෑසන මුහුණ දී ඇති බව වාර්තා වේ.
කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනාධිපති පැල්වත්තේ බුද්ධවංශ හිමියන් සඳහන් කරන්නේ ශ්‍රී ලාංකික හිමිවරු දෙනමක් සමග මෙම චෙක් ජාතික හිමිනම වසරක කාලයක සිට කුඩුම්බිගල සහ බඹරගස්තලාව ඓතිහාසික පුදබිම්වල භාවනායෝගිව වැඩවිසූ බවය.
එම හිමි නම 2021 වසරේදී කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට වැඩමවා, මාසයක් කාලයක් එහි සිට යළි සිය රට බලා පිටව ගොස් පසුව යළිත් 2025 වසරේ ජනවාරි මස 20 වැනිදා මෙරටට වැඩම කර බඹරගස්තලාව ආරණ්‍ය සෙනසුනේ වැඩ සිට ඇත.
පානම පොලිස් ස්ථානයේ නිලධාරින් සහ වනජීවි නිලධාරින් එම ස්ථානයට ගොස් ඇති අතර, මරණ පරික්ෂණයෙන් පසුව දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා අම්පාර මහ රෝහල වෙත රැගෙන ඒමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart