
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිගටම රැඳී සිටීමට ඇති සුදුසුකම් අභියෝගයට ලක්කරමින් ඔහුට එරෙහිව ගොනුකර ඇති ක්වෝ වොරන්ටෝ අයැදුම්පතේ තර්ක ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද 2026 ජූලි 2 දින නියම කළේය.
මෙම නඩුව විනිසුරු මායාදුන්නේ කොරයා සහ විනිසුරු මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.
අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් විසින් මෙම අයැදුම්පත ගොනුකරන ලද අතර, ඔහු කියාසිටින්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් රජයේ වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී පසුගිය මහමැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ බවයි.
රජයේ සේවයෙන් ඉල්ලා අස්නොවී නාමයෝජනා ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධාන උල්ලංඝනය කරන බවට පෙත්සම්කරු තර්ක කරයි.
පළමු වගඋත්තරකරු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා විරෝධතා ගොනුකිරීමට තවදුරටත් කාලයක් ඉල්ලා සිටි අතර, මන්ත්‍රීවරයාට ඔහුගේ පෞද්ගලික ගොනුවට ප්‍රවේශය තවමත් ලැබී නොමැති බව අධිකරණයට දන්වා සිටියේය.
රජය වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නේ පෞද්ගලික ගොනුව දැනට අදාළ අමාත්‍යාංශය සතුව ඇති බවත්, පළමු වගඋත්තරකරුට නියම කරන ලද කොන්දේසිවලට යටත්ව ලේඛන වෙත ප්‍රවේශ විය හැකි බවත්ය.
පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණයට පැවසුවේ, පළමු වගඋත්තරකරු නැවත නැවතත් කාලය ඉල්ලා සිටින්නේ ප්‍රමාද කිරීමේ උපක්‍රමයක් ලෙස බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාගේ නීතිඥවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
පසුව අධිකරණය පළමු වගඋත්තරකරුට විරෝධතා ගොනුකිරීමට අවසන් දිනයක් ලබාදුන් අතර 2026 ජූලි 2 වැනි දින නඩුවේ තර්කය සඳහා නඩුව කල්දැමීය.
පෙත්සම්කරු ඕෂල හේරත් වෙනුවෙන් නීතිඥ එන්.කේ. අශෝක්භරන් පෙනීසිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෙනුවෙන් නීතිඥ සේනානි දයාරත්න පෙනීසිටියේය.
රජය වෙනුවෙන් රජයේ නීතිඥ ප්‍රභාෂානි ජයසේකර පෙනීසිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart