March 26, 2026

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය රුමේනියාවේ සංචාරයක නිරතවීම හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ එකඟතාවය මත මෙම පත්කිරීම කර තිබේ.

මෙම වැඩබැලීමේ තනතුර ලබන මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බව වාර්තා වේ.