March 25, 2026

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධතා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ දින 90ක රැඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා ඇත.

මේ අතර, ඔහුගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පවුලේ සාමාජිකයන් ඔහු බැලීමට අවසර ඉල්ලා සිටියද අනුමැතිය ලබා දී නොමැති බව වාර්තා පෙන්වාදෙයි.

ඔහුගේ තත්ත්වය මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමුකිරීමෙන් පසු ඊයේ (24) ඔහු රෝහල්ගත කර තිබේ.

පරීක්ෂණයකින් පසු වෛද්‍යවරයකු වෙත යොමුකර ඇති අතර පසුව වෛද්‍ය උපදෙස් මත ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.