
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් යොදාගෙන මිලදී ගත් රුපියල් මිලියන 30කට අධික වත්කම් අධිකරණය විසින් අත්හිටුවා තිබේ.
සැකකරු විසින් නීති විරෝධී ඉපැයීම් යොදා ගනිමින් අත්පත් කරගත් වත්කම් අතරට කොළඹ 14 සහ ජා-ඇල යන ප්‍රදේශවල පිහිටි රුපියල් මිලියන 51.4කට වඩා වටිනා ඉඩමක්, සාප්පු හතරක්, තට්ටු තුනක නිවසක් සහ රුපියල් මිලියන 5.9ක් සහිත බැංකු ගිණුම් හයක් ඇතුළත් වේ.
මීගමුව සහ කොළඹ මහාධිකරණ විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම වත්කම් අත්හිටුවීමට නියෝග දීර්ඝ කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර පරීක්ෂණවලදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබුණු මුදල් යොදාගෙන මිලදී ගත් බවට විශ්වාස කෙරෙන වැල්ලම්පිටියේ පිහිටි රුපියල් මිලියන 30ක් වටිනා සුඛෝපභෝගී තෙමහල් නිවසක් සම්බන්ධයෙන් ද අනාවරණ වී තිබේ.
මාර්තු 20 වැනිදා සිට දින හතක කාලයකට මෙම දේපළ ද අත්හිටුවීමට නියෝගයක් නිකුත් කර ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart